අඟල් 49ක පුළුල් තිරයකින් Film බලන්න සුපිරි තාක්ෂණයක් තියෙන Peugeot අලුත්ම කාර් එක (VIDEO)

    මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර් රථ සමාගමෙන් ඔවුන්ගේ නවතම මෝටර් රථයක් හඳුන්වා දී තිබෙනවා.

    මෙය නම් කර තිබෙන්නේ Peugeot E-Legend ලෙසයි. නවතම තාක්ෂනය මුසුකර නිෂ්පාදනය කර ඇති මෙම මෝටර් රථය ඉන්ධන නොමැතිව ධාවනය කිරීමට හැකියාව තිබෙන electric තාක්ෂනය යටතේ නිෂ්පාදනය කර තිබෙනවා. මෙම නවතම Peugeot E-Legend මෝටර් රථයේ සුක්කානම ස්වයංක්‍රිය ලෙස රියදුරාට හැසිරවීම සඳහා පැමිණෙන ලෙස නිර්මාණය කර තිබෙනවා.

    මේ අතර රියදුරෙකුගේ අත්‍යවශ්‍යභාවයක් මෙම මෝටර් රථයට නොමැති අතර ස්වයංක්‍රිය ආකාරයෙන් මෙය පැදවීමට හැකියාවක් තිබීම විශේෂත්වයක්. මෝටර් රථය තුල සිනමා හලක අත්දැකීම ලබාගැනීමට හැකියාව ඇති පරිදි නිර්මාණය කර තිබෙනවා.

    ඒ සඳහා අඟල් 49 ක පුළුල් තිරයක් මෙම මෝටර් රථය සඳහා යොදා තිබෙනවා විශේෂත්වයක්. දැකුම්කලු ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙහි දොරවල් පවා touch සෙන්සර්ස් මගින් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ වගේම තප්පර 4ක් තුල පැයට කිලෝ මීටර 100 වේගයට පැමිණීමටත් මෙම මෝටර් රථයට හැකියාව ඇති බවයි එම සමාගම පවසන්නේ.

    තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න