> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පෙට්‍රල් බෝම්බ ප්‍රහාරක පිරිසක් දැලේ
- URL: https://www.citizen.lk/petrol-bomb-attackers-arrested/
- Published: 2025-12-27T08:10:57.000Z
- Updated: 2025-12-27T08:10:57.000Z
- Author: Deepali Jayasundara
- Tags: පුවත්

සීදුව ප්‍රදේශයේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බවට කියන පිරිසක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව වැටලීමේදී සැකකරුවන් 06ක් සහ පෙට්‍රල් බෝම්බ 06ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් එම ආයතනයේම කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ග⁣ලයෙකු වන බව සඳහන් වනවා.