> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මහජන බැංකුව නව වසරේ වැඩ අරඹයි
- URL: https://www.citizen.lk/peoples-bank-begins-work-in-the-new-year/
- Published: 2026-01-20T08:00:49.000Z
- Updated: 2026-01-20T08:01:36.000Z
- Author: Deepali Jayasundara
- Tags: ව්‍යාපාරික

January 20 (Citizen.lk News) - මහජන බැංකු කාර්ය මණ්ඩලය 2026 ජනවාරි 01 වැනිදා කොළඹ 02, People’s Tower හිදි විශේෂ උත්සවයකින් රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබාදෙමින් නව වසරේ වැඩ ආරම්භ කර තිබෙනවා.

මෙහිදි මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු කාර්ය මණ්ඩලය ඇමතූ අතර මෙදින සෙත් පිරිත් සඡ්ඡායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක් ද පවත්වා තිබෙනවා.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, වෘත්තිය සමිති නියෝජිතයන්, ආගමික සංවිධාන හා අනෙකුත් ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයෝ හා කාර්ය මණ්ඩලය සහභාගී වී තිබෙනවා.

එසේම මීට සමගාමීව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර, එහි කාර්ය මණ්ඩලද රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබාදෙන ලදී.

![](https://www.citizen.lk/content/images/2026/01/555555555.jpg)

![](https://www.citizen.lk/content/images/2026/01/00000000.jpg)

![](https://www.citizen.lk/content/images/2026/01/3333333333.jpg)

![](https://www.citizen.lk/content/images/2026/01/1111111111111.jpg)