පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට – මනෝ ගනේෂන්

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟතාව පළ කළ බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසම සමඟ අද (04) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කලා.

පාර්ලිමේන්තු මැතිවරණයද ලබන වසරේ අප්‍රේල් මස 26වනදා වන විට පැවැත්වීමට හැකියාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට කටයුතු කළේ නම් එම දිනය වන විට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකි බවද එම සාකච්ඡාවේදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සඳහන් කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම සීමා නිර්ණ කටයුතු තවමත් විධිමත් තත්ත්වයක් නොමැති නිසා පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට සියල්ලන්ම එකඟ වු බවද මන්ත්‍රීවරයා පවසයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න