PayMaster වෙතින් මොබයිල් රීලෝඩ් සහ ගෙවීම් කටයුතු සඳහා පෙරළිකාර හඳුන්වාදීමක්

PayMaster Solution (pvt) Ltd. විසින් හඳුන්වා දෙන නවතම ජංගම දුරකතන යෙදුම (Mobile application ) PayMaster App ඵ හඳුන්වාදීමේඋත්සවය පසුගිය දා කොළඹදී මාධ්‍ය ඇතුළු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.

ශ්‍රීලංකාවේ ජංගම දුරකතන භාවිතා කරන්නන් වෙනුවෙන් දියත් කෙරුණු පෙරළිකාර හඳුන්වාදීමක් වන PayMaster App එක හරහා ජංගම දුරකතන බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් කිරීමේ පහසුව පාරිභෝගිකයින්හට හිමිවේ.

මුදල රහිත ගනුදෙනු Cashless Society සිදුකරන සමාජයක් කරා ගමන් කිරීමේදී PayMaster වැන ජංගම දුරකතන යෙදුම් ඉතා වැදගත් කාර්යභාරයක් සිදුකරන අතර මේ හරහා දැනට පවතින මූල්‍ය ක්‍රමය සම්බන්ධ ගැටලූ වළක්වා ගනිමින් වඩාත් කාර්යක‍ෂම ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට හැකිවේ.

එමෙන්ම, මෙම PayMaster App එක ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක නිසා ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ එදිනෙදා ගෙවීම් කටයුතු වඩාත් පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබෙන අතර එහි කාර්යක්ෂම බව නිසා කාලයත් මුදලූත් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම අවස්ථාවට සහභාගීවූ PayMaster අධ්‍යක‍ෂසහ සම-නිර්මාතෘ, රන්සික ද සිල්වා මහතා මෙසේ අදහස දැක්වූවා, ” ඉතාදුෂ්කර උත්සාහයන් ගණනාවකට පස්සෙ මේ PayMaster App එක ඉතා කාලෝචිතම අවස්ථාවක ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට හැකිවීම ගැන අපි ඉතාමත් සතුටට පත් වෙනවා.

මේ ජංගම දුරකතන යෙදුම ප්‍රධාන වශයෙන්ම පාරිභෝගික පහසුව ඉලක්කකරගෙන නිර්මාණය කර තිඛෙන අතර, භාවිතයට ඉතා පහසු, ආරක‍ෂාකාරී යෙදුමක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. මෙහි interface එක Options ගණනාවක් සමඟ කාටත් භාවිතයට ඉතා පහසුවන අයුරින් නිර්මාණයවී තිඛෙනවා. ඒ වගේම ඔබේ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ ආරක‍ෂාවක් ලබා දෙන ආකාරයට මෙය නිර්මාණය කර ඇති බව පැවසිය යුතුමයි. මේ සියල්ලටම අමතරව මෙහි කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැතිව ඉහළ විනිවිද භාවයකින් යුතුව අපි මෙය නිර්මාණය කර තිබෙනවා.

සාම්ප්‍රදායික බිල් පත් ගෙවීම් ක්‍රමයෙන් ඔබ්බට ගිය,මේ PayMaster App එකේ ඇති ආකර්ෂණීය බව වගේම පාරිභෝගිකයන්ට හිමිවන සුවිශේෂී ප්‍රතිලාභයන්ද නිසා පාරිභෝගිකයන් වැඩි වශයෙන් මෙය භාවිත කිරීමට යොමුවීමේ ප්‍රවණතාවක්ද දැකගතහැකියි.

PayMaster Solution (pvt) Ltd ‍යනු සිංගප්පූරුවේ FirstPay Pte Ltd සමාගමේ අනුබද්ධිත සමාගමකි .ශ්‍රී ලාංකිකයන් තුළ ඇති තාක‍ෂණික හැකියාව මනාව හඳුනාගත් මෙම සමාගම ඒ හරහා ළගා කරගත හැකි වෙළඳපොළ පිළිබඳවද හොඳින් අවබෝධකර ගනිමින් වඩාත් ප්‍රබල තාක‍ෂණික ක්‍රමවේදයක් PayMaster හරහා හඳුන්වා දී ඇත.

පාරිභෝගිකයන්ට අංග සම්පූර්ණ ක්‍රියාශීලී හා නම්‍යශීලී අත්දැකීමක් ලබා දෙන්නටත් මේ හරහා ඔවුන් උත්සාහ දරා ඇති අතර වර්තමානය වනවිට ශ්‍රී ලංකාව අලූත් තාක‍ෂණික සංකල්ප ශීඝ්‍රයෙන් වැළඳගනිමින් සිටින නිසා PayMaster හඳුන්වාදීම සඳහා එය විශේෂ වාසියක් ලෙස ද හඳුන්වාදිය හැකියි. රට තුළ තාක‍ෂණය මූලිකකරගත් මූල්‍ය රටාවක් නිර්මාණය කරමින් අනාගත දියුණුව උදෙසා වැඩි වැඩියෙන් අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා ද මෙවැනි නව හඳුන්වාදීම් තුළින් ලැබෙන්නේ මනා පිටිවහලකි.‍

PayMaster හි ඉදිරිය පිළිබඳව අදහස් පළකරමින්, PayMaster අධ්‍යක‍ෂ සහ සම-නිර්මාතෘ, ලසිත රණවීර මහතා මෙසේ ප්‍රකාශ කළේය.

අද වන විට ශ්‍රී ලංකාවේ මිලියන 27කට වැඩි ජංගම දුරකතන සම්බන්ධතා ප්‍රමාණයක් තිබෙනවා. මෙයින් මිලියන 1.5ක් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වන අතර මිලියන 21ක් ඩෙබිට් කාඩ්පත් හිමියන්. තවමත් අවධානය යොමු නොවූ විශාල වෙළඳ පොළක් අප ඉදිරියේ ඇති බව මේ අනුව පැහැදිලියි. මේ ජංගම දුරකත යෙදුම නිර්මාණය කොට ඇත්තේ ඉහළම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලවයි. එනිසා මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මෙවැනි ජංගමදුරකත යෙදුම් අතර දියුණුතම Digital geteway එක ලෙස ද සලකන්නට පුළුවන් .

බොත්තමක් ක්ලික් කරන සැණින් ගෙවීම්කටයුතු කළ හැකි මේ ජංගම දුරකතන යෙදුමේ එකේ වැඩි වන ජනප්‍රියත්වය තුළින් පෙනෙන්නේ මෙහි ඇති පහසුවයි PayMaster Solution කණ්ඩායම තාක‍ෂණික මෙන්ම මූල්‍යෙ ක්ෂේත්‍රයන්හි ද ප්‍රවීණ වෘත්තීයවේදීන් රැසකගෙන් සමන්විත වන අතර මීට පෙරද මෙවැනි සුවිශේෂී වෘත්තීය අත්දැකීම් ලබා ඇති පිරිසකි.

වෙළඳපොළ ගැන මනා අවබෝධයකින් හා තාක‍ෂණික සහ වෙළඳපොළ උපායමාර්ග සම්බන්ධයෙන් ද හසල දැනුමකින් පිරි මෙම කණ්ඩායම ශ්‍රී ලාංකික වෙළඳපොළ තුළ ඩිජිටල් ගෙවුම් විප්ලවයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයකින් කටයුතු කරන පිරිසක් ද වේ.

මෙම ඇප් එක දැනට ලබා ඇති ජනප්‍රියත්වය සහ මේ පිළිබඳ දැනුවත්භාවය තව දුරටත් වර්ධනය කිරීම තුළින් PayMaster ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවුම් ක්‍රමවේදය බවට පත්කිරීම මෙම පිරිසේ අපේක‍ෂාවයි.