“පාස්කු ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නාටකයක්.” – ජනපති කියයි.

0
12

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිරය මඟින් රඟ දක්වන නාටකයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්වන බවත්, ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස මිය ගොස් ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළා.