පාකිස්ථානයේ සතුට දෙගුණ කළ තෙවැනි එක්දින තරඟයේ ජය

ශ්‍රී ලංකා-පාකිස්තාන 3 වන එක්දින තරගය පාකිස්තානය කඩුළු 5කින් ජයගනී. ඒ ශ්‍රී ලංකාව ඕවර 50කදී කඩුළු 9ක් බිඳ වැටී රැස්කළ ලකුණු 297ට පිළිතුරු ලෙස පාකිස්තානය පන්දු ඕවර 48 පන්දු 2කදී කඩුළු 5ක් පමණක් බිඳවැටී ලකුණු 299 රැස් කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්ථාන සංචාරයේ එක්දින තරඟාවලියේ ජයත් පාකිස්තානයට හිමි විය. කලකට පසු ශ්‍රී ලංකාව දීර්ඝ තරඟ සංචාරයකට පැමිණීම, විදෙස් කණ්ඩායමක් කලකට පසු තම රටේ ක්‍රීඩා කරනු දැකීම සහ තරඟාවලි ජයත් සමඟ පකිස්ථානයට සතුට දෙගුණ කර සැමරීමට හේතු ලැබී ඇත.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න