> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පාකිස්තාන අගමැතිගේ කර්මාන්ත සහ නිෂ්පාදන සහකාරවරයා දිවයිනට පැමිණෙයි
- URL: https://www.citizen.lk/pakistan-prime-ministers-industries-and-production-assistant-visits-the-island/
- Published: 2026-01-28T03:19:04.000Z
- Updated: 2026-01-28T03:19:04.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

January 28 (Citizen.lk News) - පාකිස්තාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳ , වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කර ඇති බව සඳහන් වනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් සමඟ දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් 05 දෙනෙකු ද දිවයිනට පැමිණ ඇත.