පුද්ගලික ආයතනයක වැඩ කරමින් සිටි පාකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට.

0
185

ආගමන විගමන නීති උල්ලංගනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් සිටි ‍පාකිස්ථාන ජාතිකයෙකු හෙට්ටි‍පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(20) උදෑසන 11.30ට පමණ මෙම විදේශිකයා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පුද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇති මොහු වයස අවුරුදු 36 ක් වු අයෙක් බව අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද(21) හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here