මැතිවරණ කොමසාරිස්ට පැෆරල් ආයතනයෙන් ඉල්ලීමක්

ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අව භාවිත කළ හා බරපතළ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝණය කළ පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (04) දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කළා.

ඒ සඳහා පැෆරල් සංවිධානයට ලැබී තිබෙන පැමිණිලි හා සාක්ෂි ලබාදීමට සූදානම් බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

මෙවර මැතිවරණයේදී, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් පොලීසියට වීඩියෝ කැමරා ලබාදී තිබූ බවත්, අදාළ කැමරා දර්ශන තම සංවිධානවලට ඉල්ලා සිටීමට හැකියාව තිබෙන බවත් ඔහු කියා සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න