අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් අලුත් ආගන්තුකයෙක්. (PHOTOS/VIDEO)

0
59

පෘථිවියෙන් එහා ලෝකය ගැන හොයන්න හැමෝම වගේ උනන්දුයි. මේ කියන්න යන්නෙත් එවැනිම කතාවක් ගැනයි. අපේ සෞරග්‍රහමණ්ඩලයට අයත් නොවන ආගන්තුක ග්‍රහලෝකයක් සොයා ගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මෙම නව ග්‍රහලෝකය Forbidden Planet නැත්නම් තහනම් කරන ලද ග්‍රහලෝක ලෙස හඳුන්වන අතර මෙහි තාක්ෂණික නාමය NGTS-4b ලෙස නම් කර ඇත.

එය පෘථිවිය මෙන් තුන් ගුණයක් විශාල වන අතර නෙප්චූන් ග්‍රහයාට වඩා 20% ගුණයක් කුඩා වෙනවා. මේ ග්‍රහයාගේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1832ක් වන අතර එය බුධ ග්‍රහයාට වාඩා උෂ්ණත්වයෙන් වැඩියි. මෙම ග්‍රහලේකය සතුව එයටම අයත් අන්තරීක්ෂයක් ඇති බවද මේ පිළිබදව සිදු කළ අධ්‍යයන වාර්ථාව වන Royal Astronomical Survey පෙන්වා දෙනවා.

සාමාන්‍යායන් මෙතරම් අධික උෂ්ණත්වයක් ඇති ග්‍රහලෝකයක් තුළ කොහෙත්ම වායු ගෝලයක් පැවතීමට ඉඩක් නැතත් NGTS-4b තවමත් වායුගෝලයකින් සමන්විත වීම නිසා එය Forbidden Planet යන අන්වර්ථ නාමය භාවිත කර තිබෙනවා.

මෙම Forbidden Planet පිහිටා ඇත්තේ අපගේ පෘථවියට ආලෝක වර්ෂ 920ක් දුරින්. මෙම අධ්‍යයනය සඳහා සහභාගී වූ තාරකා විද්‍යාඥ ඩැනියෙල් බේලිස් පවසන්නේ, මෙම ග්‍රහ ලෝකය ඊට අදාළ කක්ෂය වටා භ්‍රමණය වීම දින 1.3කට වරක් සිදු කරන අතර එහි වර්ෂයක් පෘතවි දින 1.3ක් වෙනවා.

තාරකා විද්‍යාඥයින් පවසන පරිදි මෙම ග්‍රහලෝකය පිහිටා ඇති කලාපය මීට පෙර කිසිදු ග්‍රහලෝකයක් නොමැති කලාපයක් ලෙස නම් කර තිබූ එකක්. ඒ නිසාම එම කලාපයේ නව ග්‍රහලෝකයක් සොයා ගැනීම පුදුමයක් බවයි ඔවුන් පවසනවා. ඩැනියෙල් බේලිස් කියා සිටියේ එම කලාපයේ පවතින්නට නම් මෙම නව ග්‍රහලෝකය සතුව යම් සුවිශේෂී ගුණාංගයක් තිබිය යුතු බවයි.

12 20-centimetre දූරේක්ෂයක් මෙම අධ්‍යයනය සඳහා යොදා ගෙන ඇති අතර චිලීහී ඇටකාමා කාන්තාරයේ පිහිටි යුරෝපා දකුණු නිරීක්ෂණාගාරයේදී මෙම නිරීක්ෂණය සිදු කර තිබෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here