ලෝක කුසලාන අවසන් මහා තරඟයට යන්න එක් ශ්‍රී ලාංකිකයෙකුට වරම්.

ක්‍රිකට් ලෝක කුසලානයේ ඊයේ පැවති එංගලන්තය සහ ඉන්දියාව අතර තරඟයෙන් පසුව ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට යාමට තිබු අවසන් අවස්ථාවත් මඟ හැරුණා.

ඒ අනුව ඉතිරි තරඟ 2 ම ජයග්‍රහණය කළද ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ තවත් ඉදිරියට යාමට හැකි වන්නේ නැහැ. නමුත් එක් ශ්‍රී ලාංකිකයෙකුට පමණක් මෙවර අවසන් මහා තරඟයට සහභාගී වීමට ICC ය අවසර දී තිබෙනවා.

ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් ධර්මසේනට. ඒ විනිසුරුවරයෙක් ලෙසයි. ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවත් වීමත් සමඟ ඔහුට මෙම අවස්ථාව හිමි වුණා.

2018 වසරේ දක්ෂතම ක්‍රිකට් විනිසුරුවරයා ලෙසද කුමාර් ධර්මසේන ICC සම්මානයට පාත්‍ර වුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න