> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
- URL: https://www.citizen.lk/one-person-killed-in-ambalangoda-shooting/
- Published: 2026-01-28T03:20:47.000Z
- Updated: 2026-01-28T03:20:47.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

January 28 (Citizen.lk News) - අම්බලන්ගොඩ ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 28 ක් වූ ගලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.