ආඩිඅම්බලම සහ කටුනායක ගුවන් තොටුපල අතර මං තීරුවක් වැසේ

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පිවිසෙන. ආඩිඅම්බලම සහ කටුනායක ගුවන් තොටුපල මාර්ගයේ එක් මන්තීරුවක් ලබන සෙනසුරාදා පස්වරුවේ සිට ඉරිදා මධ්‍යම රාත්‍රිය තෙක් වසා තැබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ එම මාර්ගයේ එක් මන්තීරුවක් වසාතැබෙන බවයි.

මේ නිසා මිනුවන්ගොඩ – කිබුළපිටිය දෙසින් නයිකන්ද ඔස්සේ ගුවන්තොටුපළ වෙතට පිවිසෙන ගුවන් මගීන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ගුවන්තොටුපල කළමණාකාරිත්වය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න