ඕමන්තයේ වගා බිමකින් බෝම්බ මතුවෙයි.

වවුනියාව, ඕමන්ත පැරණි මුරපොළ පැවති ස්ථානයේ ඉඩමක තිබී බිම් ‍බෝම්බ තොගයක් අද(16) සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලිසිය පවසනවා.

අදාළ ඉඩමේ පොළොව, වගාවන් වෙනුවෙන් සකස් කරමින් සිටියදී බිම් බෝම්බ මතුව ඇති අතර ඉඩම්හිමියා මේ බව පොලිසියට දන්වා තිබෙනවා.

බිම් බෝම්බ හතක් අදාළ ඉඩමේ තිබි සොයාගෙන ඇති අතර තවත් බෝම්බ පවතින්නේද සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළා.

සොයාගත් බෝම්බ සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කොට අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක්‍රීය කිරීමට නියමිත බව ද පොලිසිය පැවසුවා

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා .

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න