ලොව වයස්ගතම මවට හෘදයාබාධයක්

citizen අපි පසුගිය දිනක නිවුන් දරුවන් ලැබූ ලොව වයස්ගතම මව ගැන වාර්තාවක් ඔබ වෙත ගෙන ආවෙමු.

ඇයව හෘදයාබාධයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බව අද වාර්තා විය. මෙතෙක් ඇයගේ තත්වය පිළිබඳ නිශ්චිත තොරතුරක් නැත.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 74 හැවිරිදි කාන්තාවක් කුළුඳුල් ගැහැණු නිවුන් දරුවන් බිහි කළා ය. ඒ ඉකුත් බ්‍රහස්පතින්දා (05) ගුන්තූර් නගරයේ දී ය.

එරමති මන්ගියම්ම නමැති එම කාන්තාව වයස අවුරුදු 57 දී දැන් ඇයගේ ස්වාමි පුරුෂයා සමඟ විවාහ වී තිබේ. එතැන් පටන් දරුවන් නොමැති වීම ගැන ඇය දුකින් පසුවී ඇත.

වයස අවුරුදු 74ක් වුවත් ගර්භාෂයෙන් පිටත කෘතීම සංසේචනයක් සිදු කරගැනීමට ඇය වෛද්‍ය වරු කැමති කරවාගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ඇයගේ සැමියාගේ ශුක්‍රානු සහ ඇයගේ ඩිම්බයක් සමඟ සංසේචනය කළ යුක්තානුවක් ඇගේ ගර්භාෂයේ තැන්පත් කෙරුණු අතර පසුව ඇය නිවුන් ගැහැණු දරුවන් බිහි කළාය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න