ඔක්ටේන් 92 පෙට‍්‍රල් මිල වැඩිවීම ගැන ත්‍රී රෝද සංගම්වල අප්‍රසාදය.

0
62

ඔක්ටේන් 92 පෙට‍්‍රල් මිල ඊයේ (10) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉහළ නැංවීමත් සමග තී‍්‍ර රෝද රථ ගාස්තු ඉහළ නැංවීම කෙරෙහිද අවධානය යොමුව තිබෙනවා.

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩුවෙමින් තිබියදී මෙලෙස පෙට‍්‍රල් මිල ඉහළ නැංවීම තමන්ට කරන ආසාධාරණයක් බවයි තී‍්‍ර රෝද රථ සංගම් පවසන්නේ. ඒ අනුව අද (11) දිනයේ රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරන බව ලංකා ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප‍්‍රකාශ කළා.

මාසිකව සලකා බැලෙන ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ නැංවීමටයි මිල සූත‍්‍ර කමිටුව තීරණය කළේ. ඒ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 138ක් වනවා.

ඊට සමගාමීව ලංකා අයි. ඕ. සී. සමාගම ද ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දැමුවා. ඒ අනුව අයි. ඕ. සී. සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක්.

කෙසේවෙතත් සෙසු ඉන්ධන මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදුවූයේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here