“උත්සව නැති වුණාට සිල් සමාදන් වෙන්න.” – බෙන්ගමුවේ ධම්මදින්න හිමි.

0
62

නල්ලතන්නියේ ඊයේ (10) පැවති විශේෂ මාධ්‍යය හමුවකදි එළඹෙන වෙසක් පොහො දිනයට වෙසක් උත්සව නොපැවැත්වුවාට සිල් සමාදාන විම් ,ආමිස සහ ප්‍රතිපත්ති පුජාවන් පැවැත්විම සහ වන්දනාමාන කිරිම් සිදු කරන ලෙසට සියළුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වමින් වහන්සේ ඉල්ලා සිටියි.

වෙනත් ආගම්වල අයට ඔහුන්ගේ ආගමික කටයුතු සිදු කිරිමට අවස්තාව ලැබෙන්නේ නම් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් උතුම් වෙසක් දිනයේදි පෙර පරිදිම ප්‍රතිපත්ති සහ ආමිස පුජාවන් වලට මුල් තැන දෙමින් වෙහෙර විහාරස්ථාන වලට එක්රුස් වි වෙසක් දින උත්සවය සමරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියා .

වෙසක් පොහෝ දිනයේදි ආමිස සහ ප්‍රතිපත්ති පුජාවන් වලට සහභාගි වන අවස්තාව සැම දිනකම බෞද්ධ ජනතාවට ලැබෙන්නේ නැති බවද උන් වහන්සේ තව දුරටත් ප්‍රකාශ කළා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here