> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්
- URL: https://www.citizen.lk/notice-to-ordinary-level-students/
- Published: 2026-02-04T13:24:57.000Z
- Updated: 2026-02-04T13:24:57.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

February 04 (Citizen.lk News) - අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර සංශෝධනය කර ගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

පෞද්ගලික අපේක්ෂකයන් විසින් තම ප්‍රවේශපත්‍රවල සංශෝධනයක් තිබේ නම්, [http://www.doenets.lk/](http://www.doenets.lk/?ref=citizen.lk) වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර එම සංශෝධනය කරගත යුතු අතර, සංශෝධන සිදු කිරීම 2026 පෙබරවාරි 10 වන දින මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් කිරීමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වැඩි විස්තර සඳහා :

- ක්ෂණික ඇමතුම් අංකය - 1911
- දුරකථන අංකය - 0112784208, 0112784537
- ෆැක්ස් අංකය - 0112784422
- විද්‍යුත් තැපෑල - gceolexamsl@gmail.com