හෙට සිට විශ්වවිද්‍යාල වල අධ්‍යයන කටයුතු නවතී? අඛණ්ඩ වැඩ වර්ජනයක්

Pic: by Hashan D Alwis

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් වැඩ වර්ජනයකට සැරසේ. මහජන සේවයේ වැටුප් වැඩි වීම 7%ට සාපේක්ෂව විශ්ව විද්‍යාල සේවකයන්ගේ වැටුප් වැඩි නොවීම මීට හේතුව බව ඔවුන් ප්‍රකාශ කරයි.

සැප්තැම්බර් 10 (හෙට) සිට අඛණ්ඩ වැඩ වර්ජයනක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ. යාපනය විශ්ව විද්‍යාලේ සිට රුහුණු විශ්ව විද්‍යාල දක්වා සියලු විශ්ව විද්‍යාල වල සමස්ථ කාර්ය මණ්ඩලය ඊට එක්වන බව ද එම සංගමය පවසයි. එමෙන්ම මෙම වැඩ වර්ජනය නිසා සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේ කටයුතු අඩපණ වන බවත් එමගින් රටට දිනකට කෝටි 2ක පාඩුවක් සිදුවන බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

එමෙන්ම තම ඉල්ලීම ලැබෙන තුරු වර්ජනය අත්නොහරින බැවින්, වර්ජනය අවසන් වන දිනයක් පිළිබඳ පැවසිය නොහැකි බව ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න