ඉසුර දේවප්‍රිය පක්ෂයෙන් ඉවත් කිරීම ගැන දන්නේ නැහැ – ශ්‍රීලනිප

බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී කිසිවක් සාකච්ඡා නොවූ බව එම පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසනවා.

එවැනි තීන්දුවකට එළඹෙන්නේ නම් එය සිදුකළ යුත්තේ මධ්‍යම කාරක සභාවේ එකඟතාවකට අනුව බවයි ඔහු සදහන් කළේ.

බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහරගම ආසන සංවිධායක ධුරයෙන් සහ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර ඇති බවට පළ වූ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීරද අදහස් පළ කළා. ඔහු ප්‍රකාශ කර සිටියේ එවැනි කිසිදු කරුණක් සම්බන්ධයෙන් සාකච්ජා නොවූ බවයි.

කෙසේ වුවත් තමන්ව පක්ෂයේ තනතුරු වලින් ඉවත් කර ඇති බව බස්නාහිර පළාත් හිටපු මහ ඇමතිවරයා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න