#NoBra : “තනපට” එපා කියන කොරියානු තරුණියන්

#NoBra යන හෑෂ් ටැගයෙන් සමාජ ජාල අතර පැතිරෙන තනපට නොඇඳ ඡායාරූප පළ කිරීමේ රැල්ලක්, දකුණු කොරියානු තරුණියන් අතර පැතිර යමින් තිබෙනවා.

තනපට හැඳීම නොඇඳීම පෞද්ගලික නිදහසට අදාළ කාරණයක් යයි මෙම රැල්ලට එක්වන කාන්තාවන් ගේ මතයයි.

දකුණු කොරියානු ගායිකාවක් සහ නිළියක් වන සුලී විසින් ප්‍රථම වරට මෙලෙස තනපට නොඇඳ ඡායාරූපයක් පල කිරීම මෙම රැල්ලේ ආරම්භයයි.

ඇතැමුන් තර්ක කරන්නේ, මෙය සුලී විසින් තමන්ගේ ප්‍රද්ධිය තකා කරන කටයුත්තක් බවයි. එමෙන්ම ඇය අනවශ්‍ය ලෙස හැගීම් උත්තේජනය කරන බවත් ඇතැම් පිරිමි පාර්ශවයන් චෝදනා කරයි.

කෙසේ වෙතත් මෙය කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයක් (Feminism) ලෙස අර්ථ ගැන්වේ.

දකුණු කොරියාව ඉතා ඉහල මට්ටමින් බටහිර සංස්කෘතික ලක්ෂණ වැළඳ ගත් සහ මානව සිවිල් හා දේශපාලන නිදහස උපරිමයෙන් ඇති රටකි.

එවන් පසුබිමක මෙවැනි ප්‍රවණතා සඳහා එදිරිව සාමාජීය බලපෑම් අඩු වී තිබේ.

ලංකාව විෂයෙහි නම් තනපට, රාජ්‍ය නායකයන්ගේ පවා අවධානයට පාත්‍ර වන බව නොරහසකි.

එවැනි පසුබිමක තනපට හරහා සමාජ බලවේගක් නිර්මාණය කිරීම කාලෝචිත සහ නවීන අදහසක් බව කිව යුතයි.