Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532
Tel: 0764412285

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දෙවන කණ්ඩායම යටතේ තරඟවදින පාකිස්තාන කණ්ඩායම අපරාජිතව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු රට බවට පත්වීමට සමත් වුණා.

ඒ ඊයේ නැමීබියා කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 45 කින් පාකිස්තාන කණ්ඩායම ජය ගැනීමත් සමඟයි.

එම කණ්ඩායම යටතේ තරඟදින ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව තිබෙන්නේ ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින්.

අද දිනයේ තීරණාත්මක තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර ඉන් එක් තරඟයක් පැවැත්වෙන්නේ නසීලන්ත කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි.

අනෙක් තරඟය පැවැත්වෙන්නේ මේ වන විට කිසිඳු තරඟයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ ප්‍රභල ඉන්දීය කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.

Recent Stories