Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බව  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා පවසනවා.

මෙවර අයි.පී.එල් තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට  එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

“ඔහුගේ ස්ථානය පුරවන එක පහසු නැහැ. ඔහු තරග දිනවන්නෙක් මුම්බායට. මම ඒක ගොඩක් සැරයක් කියලා තියෙනවා. අපි යම් කරදරයක පැටලී සිටි අවස්ථාවලදී මාලිංග තමයි අපිව ඉන් ගලවගත්තේ. ”

ලසිත් මාලිංග වෙනුවට ආදේශ කළ හැකි ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිබදව ද මෙහිදී මුම්බායි නායකයා කරුණු පැහැදිලි කළා.

“අපිට ඉන්නවා ජේම්ස් පැටින්සන්, ධවල් කුල්කානි, මොහ්සින් ඛාන්. ඔවුන්ව තමයි අපි බලාපොරොත්තුවෙන්නේ මාලිංග වෙනුවට ආදේශ කරන්න. නමුත් පැහැදිලිවම, මාලිංග මුම්බාය වෙනුවෙන් කළ දේ සසදන්න බැහැ.”


Recent Stories