Tik Tok සමඟ කෙලින්ම තරඟ කිරීම අරමුණු කරගත් කෙටි ආකෘති වීඩියෝ විශේෂාංගයක් YouTube විසින් පසුගිය සඳුදා එළිදක්වා තිබෙනවා.
වෙනත් රටවලට ව්‍යාප්ත කිරීමට පෙර ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේදී එහි මුල් බීටා යෙදුම ක්‍රියාත්මක කරන බවයි YouTube ආයතනය නිවේදනය කළේ.
චීනයේ ටික්ටොක් සහ තවත් යෙදුම් 58 ක් ජුනි මාසයේදී ඉන්දියාව විසින් තහනම් කළා. එම හිඩැස පිරවීම සඳහා YouTube ආයතනය මෙම නව විශේෂාංගය ඉන්දියාව මුල් කරගනිමින් අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම නව විශේෂාංගය YouTube හි කොටසක් වනු ඇති.