තණමල්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම ග්රාම නිලධාරී වසමේ උඩවලව රක්ෂිතයත්, ලූණුගම්වෙහෙර රක්ෂිතයත් යා කෙරෙන ස්ථානයක අක්කර 40 ක පමණ භූමි ප්රමාණයක් ඩෝසර් කර, වන විනාශයක් සිදුකර ඇති බවට වනරක්ෂණ බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
තණමල්විල ප්රාදේශීය ලේකම් කැළුම් නිශාන්ත පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයාබලා කි්රයාමාර්ග ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවයි.
එලෙස ඩෝසර් කර ඇති භූමි ප්රදේශය, වන අලින් සැරිසරන අලිමංකඩක් බවයි ප්රදේශවාසීන් පැවසුවේ. එම ඉඩම ඩෝසර් කිරීමේදී, ඉදිකර තිබූ අලි වැටක් ද ඉවත් කර තිබුණා.