Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දින 14ක කාලයක් සිය ක්‍රීඩකයින් නිරෝධායනයට ලක් කිරීම කළ නොහැක්කක් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පවසනවා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණේ දින 7 ක කාලයක් බංග්ලාදේශ ක්‍රීඩකයින් පුහුණුවීම් සිදු නොකර නිරෝධායනයට ලක්විය යුතු බවයි.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට දැනුම් දී ඇත්තේ දින 14ක කාලයක් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට නිරෝධායනයට ලක්වීමට සිදු වන බවයි.

නමුත් එතරම් කාලයක් සිය ක්‍රීඩකයින්ට හෝටල් කාමරවල රැදී සිටිය නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

“අපිට බැහැ ලෝක ටෙස්ට් ශූරතාවලිය ක්‍රීඩා කරන්න මේ කොන්දේසි යටතේ”යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා ක්‍රිකට් වෙබ් අඩවියක් වෙත පවසා තිබෙනවා.

Recent Stories