Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

උතුරු අර්ධගෝලයේ රටවලට ශීත සෘතුව එළැඹීමට තව වැඩි කාලයක් නොමැත.

මෙවර ශීත සෘතුව තුළ නැවතත් ඉතා බිහිසුණු කොවිඩ්  රැල්ලක් ලොව පුරා පැතිරෙන්නට ඉඩ ඇති බවටත්, ඇතැම් විට එය මේ වනවිට පවතින රැල්ලට ද වඩා දරුණු එකක් විය හැකි බවටත් මේ සම්බන්ධ විශේෂඥයෝ අනතුරු අඟවනවා.

මෙය බොහෝ දුරට ඇත්තක් විය හැකි බව හැඟෙන්නේ පසුගිය දිනවල වයිරස ව්‍යාප්තිය තරමක් සමනය වී තිබූ රටවල පවා මේ වනවිට ආසාදිතයන් වාර්තා වීමෙහි ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කරන නිසයි.

කොවිඩ් පළමු රැල්ලේ දී විශාල වශයෙන් බැට කෑ යුරෝපය තුළද මෙම තත්ත්වය දැකිය හැකි වන අතර  විශේෂයෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය වැනි රටවල වැඩි වැඩියෙන් ආසාදිතයන් වාර්තා වන ආකාරයක් දක්නට ලැබේ. මෙම සටහන ලියමින් සිටින අවස්ථාව වනවිට වාර්තා වූයේ ඊශ්‍රායලය නැවතත් මුළු රටම වසා දැමීමේ සූදානමක සිටින බවයි. 


Recent Stories