Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

බංග්ලාදේශ පිලේ ශ්‍රී  ලංකා ටෙස්ට් තරග සංචාරයේදී පවතින නිරෝධායන කාලසීමාව දින 7කට ප්‍රමාණවත් බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය දැන්වූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එරට මාධ්‍යයට සඳහන් කර තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා එය ප්‍රතික්ෂේප කරනවා.


“ඒ අය එහෙම කියලා තියෙනවා නම් ඒක වැරැදියි. එහෙම කියලා තියෙන්නේ කාටද කියලත් මම දන්නෙ නැහැ. නිරෝධායන කාල සීමාව දින 7කට සීමා කිරීම සම්බන්ධයෙන් අපි ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වුවේ නැහැ. කොහොම වුණත් සෞඛ්‍ය බලධාරීන් අපිට ලබා දී ඇති නීති රාමුවට පිටින් යන්න අපිට බැහැ. අනිවාර්්‍යයෙන්ම බංග්ලාදේශ කණ්ඩායම දින 14 නිරෝධායනයකට යොමු විය යුතුයි” යැයි සභාපතිවරයා පවසනවා.

“ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරත් ඔවුන් බංග්ලාදේශයේදී නිරෝධායන කාල සීමාවකට යටත් වී පැමිණිය යුතුයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි පසු අපේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමය පරිදි ඔවුන් රැඳී සිටින හෝටල කාමර තුළ දින 14ක පූර්ණ නිරෝධායනය විය යුතුයි. එහි සියලුම වියදම් දරන්නේ ක්‍රිකට් ආයතනයයි” යනුවෙන්ද ශම්මි සිල්වා සඳහන් කරනවා.

Recent Stories