Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව පසුගියදා කතා බහට ලක්වුණා.

කෙසේ වෙතත් එම තරඟාවලිය පිළිබඳව මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවටයි වාර්තා වන්නේ.

ඊට හේතුව වී ඇත්තේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දින 14ක කාලයක් කිසිදු පුහුණුවීම් කටයුත්තක නොයෙදෙමින් නිරෝධායනයට ලක් විය යුතු බවට මෙරට සෞඛ්‍ය සහ ආරක්ෂක බළධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී ඇති උපදෙස් හේතුවෙනි.

ලබන 27 වනදා බංග්ලාදේශ ක්‍රීඩකයින් දිවයිනට පැමිණීමෙන් අනතුරුව දින 14ක කාලයක් නවාතැන් ගන්නා හෝටලයේම රැදී සිටිය යුතු වනවා.

තරග 3කින් යුත් මෙම සංචාරයේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 24 වනදා මහනුවර දී ආරම්භ කිරීමට නියමිතව ඇති නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට තරගාවලියේ කාලසටහන සහ ජෛව ආරක්ෂක සැලසුම නිල වශයෙන් ඉදිරිපත් කිරීමට සමත් වී නැහැ.

Recent Stories