Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

නවසීලන්තයේ පසුගිය මාසයේදී නව කොරෝනා වෛරසය ඉස්මතු වීමෙන් පසු රටේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් වෙත පැනවූ රජයේ සමාජ දුරස්ථ සීමාවන්ට එරෙහිව විශාල ජනකායක් නගරයේ උද්ඝෝෂණයකට සහභාගි වී තිබේ.

ඊට සහභාගී වූ බොහෝ අය මුඛ ආවරණ පැලඳ නොසිටි අතර, දස දහස් ගණනක් මේ සඳහා පැමිණෙනු ඇතැයි යන පුරෝකථන සමග රූපවාහිනී නාලිකා මගින් එක පොදියට සිටින විරෝධතාකරුවන් සමාජ දුරස්ථකරණ නීති උල්ලංඝනය කරමින් හැසිරෙන ආකාරය දැකගත හැකිවිය.

තවද එක්සත් රාජධානියේ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව ඉහළ යත්ම, රට වසංගතය පැතිරීම පාලනය අහිමි වීමේ අද්දර සිටින බව ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයෙකු අනතුරු අඟවයි.

එක්සත් රාජධානිය සිකුරාදා දිනයේ නව ආසාදන 3,500කට වඩා වාර්තා කර ඇති අතර, එය මැයි මැද භාගයේ සිට වාර්තා වූ ඉහළම මට්ටම වීම විශේෂත්වයකි.

"මම හිතන්නේ අපට පාලනය අහිමිවීමේ අද්දර සිටින බව මේ වනවිට දත්ත අනුව පැවසිය යුතුයි" යැයි පර්යේෂණ ආයතනයක් වන UKRI හි මාක් වල්පෝට් අවධාරණය කළේය.

Recent Stories