Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

මෙරට ඉතිහාසයේ පළමු වරට කොවිඩ් 19 ආසාදනයවී සිටි ගර්භනී කාන්තාවක් දරුවෙකු ප්‍රසුත කර තිබෙනවා. ඒ නැගෙනහිර කොළඹ රෝහලේදී.

ඩුබායි සිට පසුගිය ජුලී මස 10 වෙනිදා මෙරටට පැමිණි මෙම ගර්භනී කාන්තාව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබුණා. මෙම කාන්තාවට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරුන් විසින් මෙම ගර්භනී කාන්තාව නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටි කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවන් සඳහා වෙන් කොට ඇති විශේෂ ඒකකයට යොමු කිරීමට පියවර ගනු ලැබුවා. 

මෙම කාන්තාව පසුගිය 23 වෙනිදා එම නැගෙනහිර කොළඹ රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර ඊයේ දිනයේදී එම කාන්තාව දරුවා ප්‍රසුත කිරිම සඳහා ප්‍රසුත වේදනාවෙන් පෙලෙන බවට වෛද්‍යවරුන් නිරීක්ෂණය කර තිබුණා.

ඒ අනුව මෙම ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය 35 දෙනෙකු සහභාගිවූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි මෙම කාන්තාවගේ දරු ප්‍රසුතය සාමාන්‍ය එක්ක නොවන බැවින් පරිසරයට වෛරසය මුදාහැරිම අවම කිරීම සඳහා විශේෂ ආකාරයේ සිසේරියන් ශල්‍යකර්මයක් සිදුකිරීමට වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඊට එක්ව සිටියා. ඒ අතර ක්‍ෂුද්‍ර ජීවි වෛද්‍යවරුන් ද ඊට එක්ව සිටිය බවයි නැගෙනහිර කොළඹ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න සඳහන් කළේ.

මෙම ශල්‍යකර්මය මගින් බිහිකළ දරුවා සහ මව මේ වන විට නිරෝගීව සිටින බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මෙම දරුවාටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පරික්ෂා කර බැලීම සඳහා දරුවාගේ සාම්පල් PCR පරික්ෂණයන් සඳහා යොමු කොට ඇති බවයි රෝහල් වෛද්‍යවරුන් සඳහන් කළේ.

Recent Stories