30 වසරක් පැවති යුද්ධයේ නොමැකෙන සටහන් තවමත් අප මතකයේ තිබේ.
අප රට ත්‍රස්තවාදී බියෙන් ගලවා ගැනීමට තම ජීවිත කැප කළ බොහෝ රණවිරුවන්ද අප මතකයේ ඇත.
ඒ අතරින් ඉහළම තැනක සිටිනා "හසලක වීරයා" නමින් හදුන්වන විරෝධාර රණවිරුවා අප කාගේත් වීරයෙකි.
ඔහුගේ සැබෑ නම ගාමිණී කුලරත්නයි.
1966 අගෝස්තු 22 දා හසලකදී උපත ලද ඔහුට සහෝදරයන් 4 දෙනකු හා සහෝදරියන් 1 අයෙකු විය.
කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්හ. උසස් අධ්‍යාපනය සඳහා ඔහු ඇතුළත් වුණේ හසලක මහ විදුහලටයි.
ඔහුට අවුරුදු 15 වන විට ඔහුගේ පියා මෙලොව හැර ගොස් සිටියහ.
කෝප්රල් ගාමිණී 1986 දී යුද හමුදා සේවයට එක් විය. අම්පාර හමුදා සටන් ක්‍රම පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු අඹේපුස්ස , හම්බන්තොට , තංගල්ල , කන්කසන්තුරේ , පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ.
ඔහු 1991 ජූලි 10 දින රාත්‍රියේ අලිමංකඩ කඳවුරට පහරදීමට පැමිණි පුපුරණ ද්‍රව්‍ය පිරවූ LTTE බුල්ඩෝසරයක් වෙත බෝම්බ දෙකක් ගෙන පැන විනාශ කලේය.
මුලාශ්‍ර - විකිපීඩියා