Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මදු වලට හසුවී කොටින් මියයාම පිළිබඳව හග්ගල අඩවියේ නිලධාරීන් විසින් ගැඹුරින් සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ  ජනාවාසයකට ආසන්නව කොටියෙකු දක්නට ලැබුණු වහාම හෝ ගෘහාශ්‍රිත සතෙකුගේ මරණයක්, අතුරුදන් වීමක් දැනගත් විගස හෝ ජනතාව එම කොටියා විනාශ කර දැමීමට තැත් දරන බවයි.

මෙම තත්ත්වය ඊයේ දින (29) ප්‍රායෝගිකවම සොයා බැලීමට හග්ගල අඩවියේ වනජීවී නිලධාරීන්ට අවස්ථාව උදාවිය.

 හග්ගල අඩවි ආරක්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරකින් දැනගන්නට ලැබී ඇත්තේ  පුස්සැල්ලාවේ ‘සොගම‘ වතු යායේ ඉහළ කොටසේ වතු නිවාසයක ඇති කළ එළුවෙකු කොටියෙකු විසින් මරා දමා ඇති බවය. 

ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ වනජීවී නිලධාරීන් ස්ථානයට ගිය අතර තොරතුර නිවැරදි බවට තහවුරු කළහැකි සාක්ෂියක් ලෙස මියගිය එළුවාගේ මළ සිරුර එළු ගාල තුල නිරික්ෂණය කරන ලදී.

ඒ අනුව වැඩිදුරටත් ස්ථානීය පරික්ෂාවක් සිදුකළ වනජීවී නිලධාරීන් ප්‍රදේශය පුරා පරික්ෂා කරමින් අටවා තිබූ මදු පනහකට (50) අධික ප්‍රමාණයක් ගලවා ඉවත් කර තිබෙනවා.

එම කටයුත්ත සිදුකිරීමට සමගාමිව වත්තේ පාලනාධිකාරීයද ජනතාවද මදු දැමීම නිසා සිදුවන හානි, කොටියෙකුගෙන් ආරක්ෂා වියහැකි ආකාරය, ගෘහාශ්‍රිත සතුන් කොටින්ගෙන් ආරක්ෂා කරගත හැකි උපක්‍රම, වන සතුන්ට හානි කිරීමේ වැරදි සම්බන්ධ නීතිමය තත්ත්වය සහ මෙවැනි අවස්ථාවකදී වේගවත්ව තොරතුරු සන්නිවේදනය කරගැනීමේ වැදගත්කම යනාදිය පිළිබඳව දැනුවත් කරන ලදී.

(Department of Wildlife Conservation, Sri Lanka)

Recent Stories