Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලොව පුරා පතළ ජංගම දුරකතන යෙදවුමක් වන ටික්ටොක් ඇතුළු යෙදවුම් රැසක්ම ඉන්දියාව තුළ තහනම් කර තිබෙනවා.

චීන සම්බන්ධතාවක් පවතින මෙම අන්තර්ජාල ඇප්‍ තහනම් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා ඉන්දු චීන දේශ සීමාවේ හටගත් ගැටුම් වලින් ඉන්දීය සෙබලුන් 20ක් මිය යාමේ සිද්ධියයි.

චීන සම්භවයක් ඇති ජංගම දුරකතන යෙදවුම් හරහා තම රටේ ආරක්ෂාව ට තර්ජන එල්ල වෙතැයි ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් විසින් එරට මධ්‍යම රජයට ලබාදුන් වාර්තාවක් පදනම් කර ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර අද පස්වරු 4.00 ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.



Recent Stories