Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

චීනයේ සාම්ප්‍රදායික හැන් උත්සවයේදී එරට බලධාරින් විසින් එහි වෙසෙන සුළුතර උයිගර් මුස්ලිම්වරුන්ට සුකර මස් (ඌරු) අනුභව කිරිමට බල කොට ඇති බව එරට සමාජ ක්‍රියාකාරින් විසින් චෝදනා එල්ල කොට සිටිනවා.

බීජිං බලධාරින් විසින් මෙම ආහාර සීන්ජියැන් හි වෙසෙන සුළුතර උයිගර් මුස්ලිම් ප්‍රජාව වෙත ඒවා ඇත. 

කිසිවෙකු හෝ එම ආහාර නොගතහොත් හෝ ප්‍රතික්ෂේප කළ හොත් අදාළ පුද්ගලයාව නැවත කඳවුරු අධ්‍යාපනයට යවන බවට බලධාරින් අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

උයිගර් ප්‍රජාවට අයත් කාන්තාවන්ගේ උපත් පාලනය කිරිමට චීන බලධාරින් පියවර ගෙන ඇති බවත් ඔවුන් උවමනාවෙන්ම ජන විකාශන ජන සංහාරයක් කළ බවට චෝදනා එල්ලවී ඇති පසුබිමක් මත මේ නව සිදුවීම වාර්තා වන්නේ.

ජනවාර්ගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ජර්මනියේ සංවිධානයේ වන ලෝක උයිගර් කොන්ග්‍රසය චෝදනා කර සිටින්නේ චීනයේ පැවති සාම්ප්‍රදායික හැන් උත්සවයේදී එරට බලධාරින් විසින් උරු මස් වලින් සාදනු ලබන " සොං ෂි" නම් කෑම වර්ගය ආහාරයට ගන්නා ලෙස උයිගර් වැසියන්ට බලපෑම් කොට ඇති බවයි.

උයිගර් ජාතික පවුලක තෙවන දරුවෙකු බිහි වුවහොත් ඔවුන් විසින් රජයට අමෙරිකානු ඩොලර් 2685ක දඩ මුදලක් පියවිය යුතුය.

එමෙන්ම තෙවන දරුවා බිහිකරනු ලබන කාන්තාවන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව වඳ භාවයට පත් කිරිමට චීන සෞඛ්‍ය බලධාරින් පියවර ගනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Recent Stories