Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොළඹ නගරය ආසන්නයේ තිබෙන නගරයක් තමයි මාලඹේ නගරය. හැබැයි ඔබ කියයි දන්න තරමින් මාලඹේ නම් දිය ඇල්ලක් නෑ කියල. ඔව්…ඔබ හරි. මාලඹේ නගරයට දිය ඇල්ලක් නැහැ තමයි. එත් නුදුරේදීම මාලඹේ නගරයේ දිය ඇල්ලක් නිමවෙනවා. මේ වනවිටත් එහි මූලික කටයුතු සම්පාදනය කරලා අවසන්.

මේ කටයුත්ත සිදුකරන්නේ කවදත් නැවුම් දේ තම පාරිභෝගිකයන්ට ලබාදෙන දිවයිනේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙතින්.

ලංකාවේ ප්‍රථම වතාවට දිය ඇල්ලක් අසළ පිහිටි නවීන නිවසක හිමිකරුවක් වෙන්න අවස්ථාවක් ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙතින් දැන් ඔබට ලබා දී තිබෙනවා.

“Prime Waterfall Residencies” ලෙස හඳුන්වන මෙම නිවස ව්‍යාපෘතියේ සුවිශේෂත්වය වන්නේ මනරම් දිය ඇල්ලක් අභියස ඉදිවෙන සුඛොපභෝගි නිවාස ව්‍යාපෘතියක් වීමයි.

මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ආරම්භ කර තිබෙන මෙම ව්‍යාපෘතිය අක්කර 05 ක භුමි ප්‍රමාණයකින් යුක්තයි. කාමර 03 ක් සහිත නිවාස 40 ක් මෙම ව්‍යාපෘතිය තුළ ඉදිවනවා. එක් නිවසක වටිනාකම මිලියන 24.5 ක්.

“Prime Waterfall Residencies” ව්‍යාපෘති ආරම්භය මේ මස 27 වන දින සිදුවන අතර වසර දෙකකින් මෙම නිවාස ඉදිකර අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

එක් නිවසක් සඳහා පර්චස් 10 ක භුමි ප්‍රමාණයක් වෙන්කර තිබෙන අතර මෙම නිවස නවීන මුළුතැන්ගෙයක්, උණු ජලය පහසුකම්, ඉලෙක්ට්‍රොනික වාහන ආරෝපණ පහසුකම් වැනි අති සුඛෝපබෝගී පහසුකම් රැසකින් සමන්විත වනවා. එමෙන්ම සෑම නිවසක්ම අදාළ නිවසටම ආවේනික වූ පෞද්ගලික අනන්‍යතාවයකින් යුක්තයි.

තවද, පරිසර හිතකාමී ලෙස නිර්මාණය වන මෙම නිවාස ව්‍යාපෘතිය තුළ වැඩිහිටියන් සහ ළමුන් සඳහා වෙන වෙනම පිහිණුම් තටාකයකින්ද යුක්තයි.

එමෙන්ම තටාකය අසන්නයේ විවේකාගාරයක්, ළමුන් සඳහා ක්‍රීඩා ප්‍රදේශයක්, යෝගා සඳහා වෙනම ස්ථානයක්, හිරැ බැසීම නැරඹීම සඳහා වන වෙනම ප්‍රදේශයක් සහිතව කොළඹ තුළ ඇති එකම නිවාස ව්‍යාපෘතිය මෙයයි.

ව්‍යාපෘති අභ්‍යන්තර පරිසරය තුළ පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයක්, මෙම ව්‍යාපෘතියට ඇතුළත් වනවා.

පැය 24 පුරා ඇති ආරක්ෂාව සහිතව අඩි 100 ක් පමණ උස දිය ඇල්ලක් සහිත මෙම ව්‍යාපෘතිය මාලඹේ නගරයේ සුපිරි වෙළඳසැල් සහ බැංකු වලට ඉතාම ආසන්නයේ පිහිටා තිබෙනවා.

එමෙන්ම මෙම පරිශ්‍රයේ ශරීර සුවතා මංතීරු, කඳු තරණයේ පහසුකම්, කුරුල්ලන් නැරඹීමේ පහසුකම් වලින්ද සමන්විත වනවා.

දිය ඇල්ලක් අසළ පිහිටි නවීන නිවසක හිමිකරුවක් වෙන්න මේ දැන්ම ඔබේ නිවස වෙන්කරගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනයයෙන් විමසන්න.



Recent Stories