Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

කොරෝනා වෛරසයේ අවදානම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් මිලියන 15ක් හෙවත් රුපියල් ලක්ෂ 150ක් පිරිනමා තිබෙනවා.

මෙම මුදලින් කොරෝනා වෛරස් ආසාධිතයන් හඳුනාගැනීම් පරීක්ෂණ වන PCR පරීක්ෂණ යන්ත්‍රයක් ඇතුළු පරීක්ෂණ උපකරණ මිලදී ගැනීමට නියමිත බවයි සඳහන්.

මෙම දැවැන්ත මුදල පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රදානය කළ බවයි.

මීට අමතරව ක්‍රිකට් , රග්බි , සහ පාපන්දු යන ජාතික සංචිතවල පුහුණුවීම් ලබන ජුනි මස 01 වැනිදා ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ජාතික ක්‍රිකට් සංචිතය පුහුණුවීම් පමණක් ලබන ජුනි මස 1 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන්.

ජාතික සංචිත වල පුහුණුවීම් ආරම්භ කිරීමත් සමග  සෑම ක්‍රීඩකයෙක්ම PCR පරීක්ෂණ දෙකකට යොමු කිරීමට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිර්දේශ කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් PCR පරීක්ෂණ යන්ත්‍රය ඇතුළු මෙම වෛද්‍ය උපකරණ ලබන 26වනදා පෙරවරුවේ වෛද්‍ය ආයතනයට  භාරදීමට නියමිතව තිබෙනවා.

Recent Stories