Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දමන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වුණා.

මේ වන විටත් ඉන්දියාව වසා දැමීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත් ජූලි සහ ඔක්තෝබර් කාලසීමාව තුල තරඟාවලිය පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටින බවයි සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට යෝජනාවක් සිදු කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) හි සාමාජිකයෙකු වූ ඕස්ට්‍රේලියාවේ හිටපු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් මෙවර තරගාවලිය පිළිබඳව සිය මතය ප්‍රකාශ කර තිබෙනවා.

තරගාවලිය සඳහා සහභාගි වන විදේශීය ක්‍රීඩකයින් එම තරගාවලිය සඳහා විශාල ආකර්ෂණයක් ලබා ඇති නමුත් බොහෝ රටවල් වල අගුළු දමා ඇති තත්ත්වයන් හා ගුවන් ගමන් අවලංගු කර ඇති තත්ත්වය තුළ එම ක්‍රීඩකයන්ට තරගාවලිය සඳහා ඉන්දියාව වෙත පියාසර කිරීම දුෂ්කර වනු ඇත.

මෙවැනි විශේෂ අර්බුදකාරී තත්ත්වයක දී විදේශීය ක්‍රීඩකයින් නොමැතිව ඉන්දීය ප්‍රිමියර් ලීග් පැවැත්විය හැකි බව මැතිව් හේඩන් තරයේ කියා සිටියි. විදේශීය ක්‍රීඩකයින් තරගාවලිය වෙත ශක්තිය එකතු කර තරගාවලියට උද්දීපනයක් ඇති කළ හැකි නමුත් සෞඛ්‍ය හා ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මෙවැනි තත්වයක් තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය විදෙස් ක්‍රීඩකයින් නොමැතිව පැවැත්විය හැකි බව ඔහුගේ මතය වී තිබෙනවා.

මෑතක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය සැපයීමට ඉදිරිපත් වීම තරමක ඵලදායි බව හේඩ්න් පවසා ඇත. හේඩන් මේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොදැක්වුවද, ක්‍රීඩාංගණ තුන හතරක් ඇති කොළඹ වැනි නගරයකට ලීගයට සත්කාරකත්වය සැපයිය හැකි යැයි යෝජනා කර ඇත. සියලු පූර්වාරක්ෂාවන් මධ්‍යයේ සෞඛ්‍යයට කිසිදු අවදානමක් නොමැති වටපිටාවක තරගාවලිය පැවැත්වීම තරගාවලිය අවලංගු කිරීමට වඩා උචිත බව ඔහුගේ මතය වී ඇත්තේ.

හේඩ්න් මේ බව සඳහන් කළේ  IANS වෙත අදහස් දක්වමින්.

Recent Stories