Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532


ආසන 40,000ක ධාරිතාවයකින් යුක්තව ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරිමට සැලසුම් කර තිබෙනවා.


ඒ , රුපියල් කෝටි කෝටි 750 ක වියදමකින්.


ඒ සඳහා යෝජිත භූමි ප්‍රදේශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ඊයේ ලක්වුණා.


එහිදි ඔහු ඉදිරිපත් කළ සැලසුමේ දැක්වුනේ එම ක්‍රීඩාංගණය පොහොට්ටුවේ හැඩයට නිර්මාණය කිරිමට යෝජිත බවයි.








එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර ඇතුළු පිරිසක්ද එක්වූහ.




අක්කර 26ක භූමි ප්‍රදේශයක ඉදිවන මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකිවන පරිදි ඉදිකිරීමට නියමිතය.




මෙහි පළමු අදියරේදී ආසාන 40,000ක පහසුකම් සහිතව ඉදිකරන අතර දෙවැනි අදියරේදී තවත් ආසන 20,000ක් ඉදිකිරීමට නියමිතව තිබේ. 2024 වර්ෂයේදී මෙහි ඉදි කිරීම් නිම වීමට නියමිතය.




කෙසේ වෙතත් මෙලෙස නව ක්‍රීඩාංගනයක් ඉදි කිරීම පිළිබඳව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක වන මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුමේ අදහස් දක්වා තිබුණා.




“ප්‍රමාණවත් තරම් ජාත්‍යන්තර ක්‍රිකට් හෝ දේශීය පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ අප සතුව පවතින ක්‍රීඩාංගණවල නොකරන තත්ත්වයක් තුල අපට තවත් එකක් අවශ්‍යද?” යනුවෙන් සඳහන් කර තිබුනා.








Recent Stories