Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අලුත උපන් බිලිඳා සමඟ සැතපුම් 100ක් ඇවිද ගිය අම්මා කෙනෙකු පිළිබඳව වාර්තා වනවා.

ඒ අපගේ අසල්වැසි රට වන ඉන්දියාවෙන්.

කොරෝනා වෛරසය නිසා දහස් ගණන් සංක්‍රමනික කම්කරුවන් ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත අතහැර ආසන්න ප්‍රාන්ත වෙත හෝ තම ගම්බිම් බලා ගමන් ආරම්භ කර ඇත්තේ ඔවුන්ට කරන්නට වෙන කිසිදු දෙයක් නොමැති නිසාවෙනි.

පොදු ප්‍රවාහන සේවා විධිමත්ව ක්‍රියාත්මක නොවීමත් සහ එය ක්‍රියාත්මක වුවත් ඔවුන්ට වාහනයක ගමන් කිරීමට තරම් වත්කමක් නොමැති නිසා ඔවුන් බොහෝ දෙනෙක් තම දෙපයින්ම ගම් බිම් බලා ගමන් කරනවා.

 ඒ වන විටත් නව මස් ගැබිණියක වු මේ මව තම ස්වාමි පුරුෂයා සහ අනිකුත් දරුවන් සිවුදෙනා සමග පයින්ම එක් ප්‍රාන්තයක් පසුකර යාබද ප්‍රාන්ත වෙත ගමන් ආරම්භ කළා.

නමුත් ඔවුන් සිතු අන්දමට මේ ගමන සම්පූර්ණ කිරීමට හැකියාව නොලැබුණේ විශාල බාධක ගොන්නක් ඔවුන් ඉදිරියේ පැමිණි නිසාවෙනි.

එම බාධාවල ඉහළම අවස්ථාවට ඔවුන් ගෙන ගියේ මේ ගමන අතරමගදී මවට දරු ප්‍රසූතියට සූදානම් වන්නට වූ නිසාවෙනි.

මහාරාෂ්ට්‍රයේ නාසික් නගරයේ සිට යාබද ප්‍රාන්තයේ මධ්‍ය ප්‍රදේශයෙහි සටිනා නගරයට යමින් සිටි ඔවුන්ට බලා හිඳීම හැර කරන්නට කිසිත් නොහැකි විය.

ඇගේ ස්වාමිපුරුෂයා ඇය ගසක් යට වැතිරවීය. ඔහු විසින් දරුවා බිහිවීමට අවශ්‍ය පහසුකම් ඔහුට හැකි අයුරින් සැපවූයේ වෙන කිසිදු කරුණකට වඩා ඔහුගේ හිතේ දරු සෙනෙහස උතුරා යමින් තිබූ නිසාය.

ටික වේලාවකට පසුව නිරෝගීව මෙලොව එළිය දුටු තම කුඩා දියණියගේ හැඬීම් ශබ්දය නිසා සියලු දෙනාගේ හිතේ තිබූ චකිතයත්  , මහන්සියත් නිවී ගියේය.

ඉන්පසු ඔවුන් තවත් අසරණ බවට පත්වූයේ දරවෙකු ප්‍රසූත කළ මෙම කාන්තාවට හෝ ඔවුන්ගේ පවුලේ අයට තම ගමනාන්තය වෙත යාමට කිසිදු කෙනකුගේ උපකාරයක් නොලැබුණු නිසා වෙනි.

මේ ස්වාමිපුරුෂයාට වාහනයක් රැගෙන තම ගමනාන්තයට යෑමට තරම්  වත්කමක් ඔහු සතු වූයේ නැත.

අවසානයේ  ඔවුන් තීරණය කළේ දරු ප්‍රසූතියෙන් පැය දෙකක පමණ විවේකයකින් පසුව යළිත් පාගමනින්ම තම ගමනාන්තය වෙත ළඟා වීමටයි.

මෙම සිදුවීම එරට පොලීසිය දැනගත්තේ ඔවුන් පොලිස් මුරපොළක් වෙත පැමිණීමෙන් පසුවයි. ඒ වන විටත් ඇය දරුවා බිහි කළ කර දින හතරක් ගත වී  අවසන්ය.

ඔවුන් පොලීසියට පවසා තිබුණේ කොරෝනා වෛරසය නිසා මුදල් ඉපයීමට කිසිදු ක්‍රමයක් නොවූයෙන් අර්බුදයට  පත් ඔවුන් නාසික් නගරය අතහැර මෙලෙස පැමිණි බවයි.

මේ සිදුවීම් කෙසේ වෙතත් මේ මව දරු ප්‍රසූතියෙන් පසුව තම ස්වාමියා සහ දරුවන් සිව් දෙනා සමග ඒ වන විටත් සැතපුම් 100ක්(කි.ම්.160ක්) පමණ දුර දෙපයින් පැමිණ තිබූ බවයි ඉන්දීය පුවත් සේවයක් වාර්තා කර තිබුණේ.

මවකගේ දරු සෙනෙහස ඉදිරියේ මෙතරම් ප්‍රබල වෛරසයක් වුවද පරාජයට පත් වනවා නිසැකය.

පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබෙනවා.




Recent Stories