Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික පසු බෑම අවම කර ගැනීම සඳහා ඉදිරි වර්ෂය සඳහා සිය මාසික වැටුප සීයයට 30 කින් කප්පාදු කිරිමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු මධ්‍යම කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය අගමැතිවරයා, මධ්‍යම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ මාසික වැටුප මෙලෙස සීයයට 30 කින් අඩු කිරිමට තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, උප ජනාධිපති වෙන්කයා නායිදු සහ සියලුම ප්‍රාන්ත ආණ්ඩුකාරවරු සිය මාසික වැටුප සීයයට 30 කින් කප්පාදු කිරිමට ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වී ඇත.

එසේ කප්පාදු කරනු ලබන මුදල් ඉන්දියාවේ පිහිටුවා ඇති ඒකාබද්ධ අරමුදලට බැර කරන බවයි අමාත්‍ය ප්‍රකාශ් ජාවඩේකාර් කියා සිටියේ.

Recent Stories