Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව කොරෝනා වෛරසය පැතිරෙන අතරේ ඉන්දියාවේ දිල්ලි නගරයට අයි.එස් ප්‍රහාරයක් එල්ල වීමේ අනතුරක් සම්බන්ධයෙන් ද වාර්තා වෙයි. 

මේ වන විට වසංගතය පාලනය කිරීම සඳහාදිල්ලියෙහි රාජකාරී කටයුතුවල නිරතව සිටින පොලිස් නිලධාරීන් ඉලක්ක කරමෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට එරට බුද්ධි නිලධාරීන් අනතුරු අඟවාඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබිණි. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදියෙන් සිටින ලෙස රාජකාරී කටයුතුවල යෙදී සිටින නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙය ඇතැම් විට තනි ප්‍රහාරකයකු එල්ල කරන ප්‍රහාරයක් විය හැකි බව ද සඳහන් ව තිබේ. 

පිහි ඇනුම්, වාහනයකින් යට කරගෙන යාම, වෙඩි තැබීම වැනි උපක්‍රමයක් මෙහි දී යොදා ගැනීමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා ඇත.

Recent Stories