Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නිව් යෝර්ක් ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේතුවේ සේවය කරනු ලබන නිලධාරින් 826 දෙනෙක්ට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙලෙස වෛරසය ආසාධිතව සිටින පිරිස අතර පොලිස් නිලධාරින් 730 දෙනෙක් සහ එහි සිවිල් සේවකයින්  96 දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස අතුරින් 29 දෙනෙක් මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන මුළු පොලිස් නිලධාරින් සංඛ්‍යාව 36,000 ක් වන අතර ඉන් සීයයට 12 ක ප්‍රතිශතයක් එනම් නිලධාරින් 4,662ක් රෝගී විම නිසා සේවයට වාර්තා කර නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම නිසා සිය නිලධාරීන්ට තමන්ගේ නිවෙස් වල සිටම රාජකාරියට වාර්තා කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

මේ අතර ප්‍රාන්තයේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරින් 230 දෙනෙක්ද කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා. 

මේ පිරිස අතර ගිනි නිවීමේ නිලධාරින්, හදිසි සෞඛ්‍ය සේවා නිලධාරින් සහ සිවිල් සේවකයින්ද වන බවයි ඔවුන් නිවේදනය කර සිටියේ.


Recent Stories