Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

සමස්ත ඉන්දියාවම දින 21ක් සඳහා වසා දැමීම හේතුවෙන් රැකියා අහිමිවූ දස දහස් සංඛ්‍යාත කම්කරුවන් පිරිසක් සිය නිවෙස් වෙත යාමට නොහැකිව මහ මාර්ගයේ රැඳී සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදී විසින් ඉකුත් සතියේදී දින 21 ක කාලයක් සඳහා මුළු රටම වසා දැමීමට පියවර ගනු ලැබුවා.

මේ හේතුවෙන් ඉදිකිරිමේ කේෂ්ත්‍රයන්, කර්මාන්තශාලා සියල්ල වසා දැමිම හේතුවෙන් එහි සේවය කරනු ලබන කම්කරුවන්ට සිය ගම්බිම් වෙත යාමට නොහැකිව දිල්ලියේ සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිරවී සිටිනවා.

ඇතිවී තිබෙන තත්ත්වය සමග දිල්ලියේ මහ ඇමති අරවින්ද් කේජිරිවාල් සහ උත්තර් ප්‍රදේශ් රජය මෙම පිරිස් ඔවුන්ට ගම්බිම් බලා යාමට අවශ්‍ය බස් රථ සැපයීමට කටයුතු යොදා ඇති බව නිවේදනය කර සිටියා.

Recent Stories