Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය මැඩලීමට ඉක්මන් ක්‍රියා මාර්ග නොගතහොත් ලොවපුරා මිලියන 40ක් ජිවිතක්ෂයට පත්විය හැකි බවට පර්යේෂකයින් සඳහන් කරනවා.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයින් පිරිසක් විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ මේ වන විට ලොවපුරා සිදුව ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මත පදනම් කර ගත් විශ්ලේෂණයක් අනුවයි.

සමාජ දුරස්ථභාවය, වයෝවෘද්ධ පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම වැනි ක්‍රමවේද මගින් ලොවපුරා සිදුවිය හැකි මරණ සංඛ්‍යාව සීයයට 50-95 ත් අතර අවම කර ගත හැකි බවයි එම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසය පාලනයකින් තොරව පැතිර ගියහොත් ලොවපුරා බිලියන 07ක ජනතාවට එය වැළදීමේ ප්‍රවණතාවයක් ඇති බවට එම පර්යේෂකයින් සඳහන් කරන්නේ. 

මේ වන විට ලොවපුරා පුද්ගලයින් 532,000 කට අධික පිරිසක් කොරෝනා වෛරසය වැළදී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 24,075ක් වනවා.

Recent Stories