Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ඉන්දියාවේ කේරගර්, චතිස්ගර් ප්‍රාන්තයේ  ඉන්දිරා කලා සංගීත් විශ්ව විද්‍යාලයේ, ලක්නව් භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයේ සහ වරණාසියේ බණාරස් හින්දු විශ්ව විද්‍යාලයේ ලාංකීය සිසු දරුදැරියන් අසූවක් පමණ කෝවිඩ්-19 නිසා ඇතිවූ හදිසි තත්වය හේතුවෙන් මේ වන විට අසරණව ඇතැයි වාර්තා වී තිබේ.

මේ වන විට ඉන්දීය රජය දින 21කට ඉන්දියාව වසා දැමීමට කටයුතු කර ඇති අතර මේ නිසා මෙම දරුදැරියන් මුහුණ දී තිබෙන්නේ පීඩාකාරී තත්වයකට බවයි ඔවුන්ගේ දෙමාපියන් පවසන්නේ.  මෙම දරුවන්ගේ විශ්ව විද්‍යාල ද වසා දැමෙන අතර ඔවුන්ට අවම පහසුකම් යටතේ ජීවත් වීමට සිදු වී ඇති බව තව දුරටත් වාර්තා වී ඇත. ඔවුන්ගේ අධ්‍යන වර්ෂ විභාග පිළිබඳව ද තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බවයි සිසු දරුවන්ගේ මව්පියන් ප්‍රකාශ කර සිටින්නේ.

එබැවින් සිය දරුවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස මෙම දරුවන්ගේ දෙමව්පියන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති. සිය දරුවන් වෙනුවෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කොට ඔවුන්ව යළි ගෙන්වා ගැනීමට හෝ පවතින හදිසි තත්ව යටතේ ගෙන්වා ගැනීමට අපහසු වේ නම් අවම වශයෙන් ඔවුන්ව ගෙන්වා ගැනීමට හැකි වන තෙක් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සහ වෙනත් පහසුකම් හෝ සලසා දෙන මෙන් මෙම දරුවන්ගේ මාපියන් ඉල්ලා සිටිති

Recent Stories