Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරස හේතුවෙන්  ගාල්ල බන්ධනාගාරය තුල ඇති  තදබදය අවම කිරිම සදහා සුළු වැරදි මත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු අද (25) දින ස්කයිප් තාක්ෂණය  ඔස්සේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට තිබෙනවා.

එලෙස ඇප මත මුදා හැර ඇත්තේ පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්ය.

මෙලෙස ඇප මත මුදාහරින ලද රැඳවියන්ට ඉදිරි නඩු දිනයකදි  ඉදිරිපත්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත. ගාල්ල බන්ධනාගාරය තුල දැනට රැඳවියන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටියි

Recent Stories