Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය රටපුරා පැතිරීම වැළක්වීමේ අරමුණින් රජය විසින් මේ වනවිට රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

එයින් ජනතාවට වන අපහසුතාවය වළක්වාලීමේ අරමුණින් ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කර තිබෙනවා.

මේ එම යාන්ත්‍රණයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් කිහිපයක් පහතින් 

*ගොවීයා සහ දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරින් වැඩසටහන ක්‍රියාවට

*සහල් සහ එළවළු දිවයින පුරා බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක්

*මාළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව

*රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

*සෑම ප්‍රාදේශීකයකටම පැය 24 ම විවෘත ඉන්ධන  හලක්

*වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට

අත්‍යවශය ආහාර නිවෙස්වලට ගෙන යාම සඳහා  සමූපකාර හා සුපිරි වෙළඳසැල් වලින් සහයෝගය ලබාදීමට නියමිතයි.

අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ  රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ  නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

රජයේ රෝහල්වල ලියාපදිංචිව  අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමට තීරණය කෙරිණ. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද මීට දායක වීමට නියමිතයි.

Recent Stories