Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

තේ පානයෙන් කොරෝනා සුව කළ හැකි බවට ප්‍රසිද්ධියට පත් චීන වෛද්‍යවරයකු වන ලී වෙන්ලියැන්  ප්‍රකාශයක් කළ බවට CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇති බවට  හුවමාරු වන තොරතුර අසත්‍ය බව citizen Fact Check තහවුරු කරනවා .

මෙම තොරතුරු සමාජ මාධ්‍ය වල ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන් මෙන්ම TNL ප්‍රවෘත්ති විකාශයේ ද වාර්තා කෙරුණා .

කෙසේ වෙතත් Citizen Fact Check මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී  අනාවරණය වූයේ මෙවන් වාර්තාවක් CNN  සිය වෙබ් අඩවියේ හෝ වෙනත් මූලාශ්‍රයක වාර්තාකර ඇති නොමැති බවයි 

එසේම තේ මගින් කොරෝනා සුවකළ හැකි බවට කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් ද මෙතෙක් ප්‍රසිද්ධියට  පත් කර නැහැ.

Recent Stories